EDSODA of the President's College , Sri Jayawardenapura Kotte

EDSODA 

E – Experience - where are we coming from?  අප පැමිණි ගමන් මග ?
D – Direction - where we are heading ? වර්තමානයේ පාසල/ ආයතනය ගමන් කරන දිශාව?
S – Situation Now -Where are we now ? වර්තමාන තත්ත්වය
O –Outcome Desire -Where do we want ? අප යා යුත්තේ කොතැනට ද?
D –Deadline - By when do we want to be there ? අපේක්ෂික ප්‍රතිඵල ළඟා කර ගන්නේ කවදාද?
A – Action Steps -How will we get there? ඒ සදහා උපායමාර්ග සම්පත්වල අවශ්‍යතාවය



 Let's apply the EDSODA theory into President’s College where Im engaged as a Science Teacher.

E – Experience - where are we coming from? 

 The President's College is a boys' national school in Sri Jayawardenapura Kotte, Sri Lanka. Founded on 4 February 1978, its inauguration was the first official act carried out by President J. R. Jayewardene. 

අප පැමිණි ගමන් මග




මා සේවය කරන පාසල බප/ජය/ ජනාධිපති විද්‍යාලය කෝට්ටේ ලෙස ප්‍රථමයෙන්ම හදුන්වා දෙන අතර, ලිපිනය ද කෝට්ටේ ලෙස යෙදූ විට සම්පූර්ණ වේ.
පාසලේ වෙබ් ලිපිනය www.prasidentscollegekotte.lk වන අතර පාසල් වර්ගය 1-AB  වේ. මෙම පාසල ජාතික පාසලක් වන අතර, 1 සිට 13 දක්වා පන්ති පවත්වන පිරිමි විද්‍යාලයක් වේ. දුරකථන අංකය 0112868672 හා ෆැක්ස් ලිපිනය 0112864972 වේ.
විද්‍යුත් තැපෑල :prasidentscollegekotte1978@gmail.com.


පාසල් සංවර්ධන ගිණුම් අංකයක් ඇති අතර, ස්ථානගත වීමට රාජගිරිය ගුවන් පාලම අසලින් වමට ජනාධිපති විද්‍යාල මාවතේ පාසල පිහිටා ඇත. පාසලේ බිම් ප්‍රමාණය නිසි ලෙස මැනුම් සිදුකර ඇත. බිම් ප්‍රමාණය අක්කර 08 කි. ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ වන අතර, ග්‍රාම නිලධාරී කොට්ඨාශය වැලිකඩ අතර හා අධ්‍යාපන කොට්ඨාශය, නුගේගොඩ වේ. අධ්‍යාපන කලාපය ශ්‍රී ජවර්ධනපුර කෝට්ටේ, පළාත බස්නාහිර වන අතර, පාසලේ ශිෂ්‍ය සංඛ්‍යාව 3152 කි. ගුරු සංඛ්‍යාව 144 කි. විදුහල්පතිතුමා යූ.ඩී.ඩී.ජී. ආරියරත්න වන අතර, එතුමාගේ සේවාව / ශ්‍රේණිය / පන්තිය අධ්‍යාපන පරිපාලන සේවය - III  වේ.

D – Direction - where we are heading ? 

Education Gives Humility විද්‍යා දදාති විනයං 

පාසල පිළිබද හැදින්වීම හා පසුබිම

වර්ෂ 1978 ක් වූ පෙබරවාරි මස 04 වන දින නිදහස් සමරු දින ශ්‍රී ලංකා ප්‍රජා තාන්ත්‍රීය සමාජවාදී ජනරජයේ ප්‍රථම විධායක ජනාධිපති වූ ගරු ජූනියස් රිචඩ් ජයවර්ධන මැතිතුමාණන් විසින් සිය විධායක ජනාධිපති ධූරයේ ප්‍රථම නිල කර්තව්‍ය සනිටුවහන් කිරීම වස් කොළඹ 07, ටොරින්ටන් පෙදෙසේ ලංකාවේ ප්‍රථම ජනාධිපති විද්‍යාලය ලෙස මෙම විද්‍යාලය පිහිටුවා සිසු අයිතියට පවරන ලදී.

පාසල ආරම්භ කරන විට ගුරු මණ්ඩලය 04 දෙනෙක් වූ අතර, මුළු ශිෂ්‍ය සංඛ්‍යාව 351 ක් විය. 1983 වර්ෂයේදී පුරාතන ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රාජධානිය ශ්‍රී ලංකාවේ අගනුවර ලෙස නම් කිරීමෙන් පසුව 1983 වර්ෂයේ ජුනි මස 21 වන දින මෙම විද්‍යාලය රාජගිරියේ කෝට්ටේ පාරට යාබදව පිහිටි අක්කර 08 ක භූමි ප්‍රමාණයේ ප්‍රතිශ්ඨාපනය කරන ලදී.
පාසලේ භෞතික හා මානව සම්පත් සංවර්ධනයන් ප්‍රතිඵල සංවර්ධනයත් සමඟ පාසලේ ඇති වූ ප්‍රගතිය නිසා පාසල ශ්‍රී ජයවර්ධනපුර කලාපයේ දිදුලන පාසලක් බවට පත් වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස වර්ෂ 1988 නොවැම්බර් මස 21 වන දින ජාතික පාසලක් ලෙද උසස් විය. එතෙක් මිශ්‍ර පාසලක්ව පැවති ජනාධිපති විද්‍යාලය 2008 වර්ෂයේ සිට බාලක පාසලක් බවට පත් කරන ලදී.

S – Situation New -Where are we now ? 

The college began with two grades- Lower Kindergarten and Year 1, with four teachers and 351 students. The school had its first sports meet in 1980, and began offering Advanced Level classes in 1988. There are notable alumnus produced by the President’s College. Initially located at Torrington Place, Colombo 7, the school was shifted to its current premises on 21 June 1983. It was given National School status in 1999. In 2019 February a 25-meter eight lane swimming pool complex .

පාසලේ වර්තමානය 

අනාගත ලෝකයේ වගකීම් භාර ගැනීමට සුදුසු ගුණගරුක සදාචාරාත්මක, බුද්ධිමත්, ශක්ති සම්පන්න පුරවැසියන් තනන ආයතනය පාසලයි. ජීවිත අභියෝගවලට නොසැලී මුහුණ දෙන අනාගත පුරවැසියන් බිහි කිරීමට අවශ්‍ය පරිසරය සැකසීම හා දරුවන්ට අවශ්‍ය ඉගෙනුම් සම්පත් කලාප, කොට්ඨාස, අමාත්‍යාංශ හරහා උපරිම අයුරින් සපයා ගැනීම සදහා පාසල විසින් කටයුතු කරයි.



පාසලේ සියලුම ළමයින් ක්‍රීඩාවක්, සාමුහික ක්‍රීඩාවක්, ලෙස පාසලේ ඇති ක්‍රීඩාවක යෙදීම සිසුන්ගේ මානසික හා කායික සෞඛ්‍ය සංවර්ධනයට යෝග්‍ය බැවින් ක්‍රීඩාවක නිරතවිය යුතුය යන්න සියලුම සිසු දරුවන්ට උපදෙස් ලබාදී තිබේ. පාසලේ විවිධ ක්‍රීඩා වර්ග ඇත. පිහිනුම්, බැට්මින්ටන්, හොකී, ක්‍රිකට්, බාස්කට් බෝල්, වොලි බෝල්, ෆුට් බෝල්, චෙස් වැනි ක්‍රීඩාවන් ද ඇති අතර, ඒ ඒ ක්‍රීඩාවට පුහුණුකරුවෙක් ද සිටි. එමෙන්ම සෑම ක්‍රීඩාවක්ම භාරව ගුරු භවතෙක් සිටින අතර, පුහුණුකරු ගුරු භවතාට වගකිව යුතුව ඇත.



මේ අයුරින්ම පාසලේ විවිධ සංගම් ඇත. තාරකා විද්‍යා සංගමය, ගගනගාමී සංගමය  , බාලදක්ෂ සංගමය ,සාහිත්‍ය සංගමය, බෞද්ධ සංගමය වැනි සංගම්, නව නිපැයුම් පිළිබද සංගම් ක්‍රියාකාරීව පාසලේ පවතී.


වත්මන් විදුහල්පතිතුමා  U.D.D.G. ආරියරත්න

වර්ෂ 2013 සිට යූ.ඩී.ඩී.ජී. ආරියරත්න විදුහල්පතිතුමාගේ නායකත්වය හා මෙහෙයවීමෙන් විද්‍යාලය ඉදිරිපියවර තබමින් සිටින අතර, රජයෙන් ලද ප්‍රතිපාදන සමගින් භෞතික සම්පත් සංවර්ධනයක් ලබමින් සිටියි.

පාසලේ ඇති තෙමහල් ගොඩනැගිලි තුනෙන් එක් ගොඩ නැගිල්ලක් සුහුරු පන්තිකාමර ලෙස (Smart Class Room) ලෙස නවීකරණය කර ඇත. 8 ශ්‍රේණියේ සමාන්තර පන්ති සියල්ල යොදා ගෙන මෙම සුහුරු පන්ති කාමර පිළියෙල කර ඇති අතර, දෙමාපියන්ගේ මූල්‍ය දායකත්වයෙන් E wish ආයතනයේ ශ්‍රම දායකත්වයෙන් පාසලට මෙම සුහුරු පන්තිකාමර ලැබුණු අතර මෙම පන්තිවල උගන්වන ගුරුවරුද එම ආයතනය මගින්ම පුහුණු කරනු ලැබීය. මෙම සුහුරු පන්තිකාමර ක්‍රියාත්මක වීම ආරම්භ වූයේ 2018 වර්ෂයේදීය. මේ අනුව ඉතා හොදින් 2019, 2020 වකවානුව තුළ සුහුරු පන්තිකාමර සංකල්පය ක්‍රියාත්මක වෙමින් පවතුන අතර, කොවිඩ් වසංගත තත්ත්වයත් සමග මෙහි ක්‍රියාව ක්‍රම ක්‍රමයෙන් පසුබෑමකට ලක් විය.

පාසලේ වත්මන් ශිෂ්‍ය සංඛ්‍යාව 3139 ක් පමණ වන අතර, මේ වන විට 151 දෙනෙකුගෙන් සමන්විත ඇදුරු මඩුල්ලක් යටතේ ඔවුහු සිය කටයුතු වල නිරත වෙති.පළමු ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා පන්ති පැවැත්වෙන අතර, 6 වන ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා ඉංග්‍රීසි හා සිංහල මාධ්‍යවලින් ඉගැන්වීම සිදු කරනු ලැබේ.උසස් පෙළ විද්‍යා, කලා හා වාණිජ යන විෂයධාරා වලින් සිසුහු අධ්‍යාපනය හදාරති. ෂෙහාන් අබේපිටිය, ශශිකලා සිරිවර්ධන වැනි ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයින් රටට දායාද කර ඇති ජනාධිපති විද්‍යාලයේ 56 වන කොළඹ බාලදක්ෂ සමූහය, ජන මාධ්‍ය සංසදය, පරිසර සංගමය, සිංහල සාහිත්‍ය සංගමය, ඉංග්‍රීසි සාහිත්‍ය සංගමය රථවාහන මෙහෙයුම් සංසදය, බෞද්ධ සංගමය, විද්‍යා සංගමය, ඡායාරූප සංගමය, ක්‍රීඩා සංසදය,කලා සංසදය, වැනි සංවිධාන ප්‍රමුඛව විෂය බාහිර හා විෂය සමගාමී වැඩසටහන් ක්‍රියාත්මක වන අතර, ඒ මගින් සිසුන්ගේ සමබර පෞරුෂයට පැවති සංජානන ප්‍රජානන හා මනෝචාලක කුසලතා ඔප් නැංවීම සිදු කරයි.

ආසන 750 ක් පමණ සමන්විත ප්‍රධාන ශාලාවක්, තෙමහල් පන්තිකාමර, ගොඩනැගිලි 04 ක් පුස්තකාලයක් උසස් පෙළ විද්‍යාගාර 3 ක්, සාමාන්‍ය විද්‍යාගාර 1 ක් ගෘහ විද්‍යාගාරයක්, විශේෂ අධ්‍යාපන ඒකකයක්, අක්කර දෙකකින් සමන්විත ක්‍රිඩා පිටියක් සෞදර්ය ඒකකයක් ඇතුලු තවත් ගොඩනැගිලි 07ක් විද්‍යාලය සතු වේ. ශිෂ්‍ය සුභසාධනය සදහා නව වෑන් රථයක් පාසලට මිලදී ගැනීමට 2018 වසරේ දී හැකියාව ලැබුණි.


කෝටි 12 ක් වටිනා දිවා රාත්‍රී පුහුණුවීම් කළ හැකි මන්තීරු 08 කින් යුත් වෙළද සංකීර්ණයකින් සමන්විත අංග සම්පූර්ණ පිහිණුම් තටාකයක් අප පාසලට ලැබී ඇති අතර, 2019 වසරේ දී ඒ සිසු අයිතියට පවරන ලදී.ලක්ෂ 400 ක් වටිනාකමින් යුත් පන්ති කාමර 12 කින් යුත් තෙමහල් ගොඩනැගිල්ලක් 2020 වසරේ ඉදි කිරීම් ආරම්භ කර ඇත.

වර්තමානය වන විට පාසලට යාබදව නව ගුවන් පාලම, මහ බැංකු ගොඩනැගිල්ල, විශේෂ කාර්ය බලකා මූලස්ථානය ජයවර්ධනපුර මහ නගර සභාව පිහිටා ඇති අතර, පාසලට පැමිණෙන මාර්ගය ජනාධිපති විද්‍යාල මාවත ලෙස නම් කර තිබේ. මැතිවරණ මහා ලේකම් කාර්යාලය ජයවර්ධනපුර ප්‍රාදේශිය මහ ලේකම් කාර්යාලය රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව, අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය, සුරාබදු දෙපාර්තමේන්තුව වැලිකඩ පොලිසිය ආදී රාජ්‍ය ආයතන ගණනාවක් පාසල ආසන්නයේ පිහිටා ඇත.

පාසලේ පෝෂිත ප්‍රදේශය රාජගිරිය, ඔබේසේකර පුර, අරුණෝදය මාවත, පොල්වත්ත ආදී ප්‍රදේශයන්ට සීමාවී ඇති අතර, එම ප්‍රදේශවලින් පාසලට පැමිණෙන සිසුන් බහුතරයක් ජනාකීර්ණ නාගරික පරිසරයක් තුළ ගැටලු සහිත පවුල් පරිසරයක සිටීම  අභියෝගයක්ව පවතී.

O –Outcome Desire -Where do we want ? 


President’s College is a developing school which is competing with other leading schools in the city of Kotte between CMB. The College exerts unique effort to produce successful results in educational activities by innovative education programmes delivered by our highly qualified teachers in a modern, dynamic environment supported by our administrative family as well as in extracurricular activities 

දැක්ම මෙහෙවර හා අගයන් දක්ම

එළඹෙන දශකයේ ශ්‍රී ලංකාවේ විශීෂ්ටතම පාසල බවට පත්වීම
මෙහෙවර හිසට දැනුම ද හදට ආකල්ප ද දෑතට කුසලතා ද
පිරි නිර්මාණාත්මක චින්තනයෙන් හා සමබර පෞරුෂයකින් යුත්
සමාජයට ඵලදායී පුතකු බිහි කිරීම


පාසලේ අනාගත දැක්ම සාක්ෂාත් කර ගැනීමේ දී පාසලේ භෞතික සම්පත් සංවර්ධනය පාසලේ අනාගත දැක්ම සාක්ෂාත් කර ගැනීමේ දී පාසලේ අධ්‍යාපන සංවර්ධනය පාසලේ මානව සම්පත් ලෙස සලකන්නේ ගුරු කාර්ය මණ්ඩලය, පාසල් කළමනාකරණ මණ්ඩලය හා දෙපක්ෂයටම සහය දක්වමින් සිසු / ගුරු / විදුහල්පති / අවශ්‍යතා සියල්ලම සම්පාදනය කර දෙන අනධ්‍යයන කාර්ය මණ්ඩලයයි.

මේ වන විට පාසල් ඇදුරු මඩුල්ල 151 ක් පමණ වන අතර, ඔවුන් සදහා සම්පූර්ණ කාල සටහන් ලබා දී ඇත. මෙම ගුරු මණ්ඩලයේ විදුහල්පතිතුමා මගින් ලැබෙන සෑම අවස්ථාවකදීම යාවත්කාලීනවීමට අවශ්‍යතා සපයා ඇත. ගුරු පුහුණුවීම්, සැසි, කාර්ය මණ්ඩල රැස්වීම්, සියල්ලන්ටම අවශ්‍ය වන පරිදි යාමට ඉඩ කඩ සලසා දී ඇත.

ගුරුවරුන් අතර ද පන්ති මට්ටමෙන්, ශ්‍රේණි මට්ටමෙන් ඉන්නා අංශ ප්‍රධාන, ශ්‍රේණී ප්‍රධාන විෂය ප්‍රදාන ගුරු මහත්ම මහත්මීන් විසින් පිහිටුවාගෙන යනු ලබන වෙන වෙනම කළමනාකරණ ක්‍රියාවලියක් ඔස්සේ විෂය අනුව දුර්වල ළමුන් නිපුණයින් බවට පත් කරලීමේ ක්‍රියාවලියක් දියත් කරමින් පවතී.

කළමනාකරණ බලතල සහිත විදුහල්පතිවරුයෙක් ද සහකාර විදුහල්පතිවරු 4 දෙනෙක් සිටිය යුතු වුවත් එක් සහකාර විදුහල්පතිවරයෙක්ද සිටින අතර 3 දෙනෙකුගේ අඩුවක් පවතී. නියෝජ්‍ය විදුහල්පතිවරුන් දෙදෙනෙක් සිටින අතර, මෙහිද එක් විදුහල්පතිවරයෙකුගේ අඩුවක් පැවතිය ද පරිපාලනමය වශයෙන් අඩුවක් සිදු නොවී ඔවුන් එකා මෙන් තමන්ගේ කාර්ය වගබලා ගනී.

අනද්‍යයන කාර්ය මණ්ඩලය ද ප්‍රමාණවත් තරම් නොමැති වුවත් ඔවුන්ගේ කාර්යද ඔවුන් නිසා පරිදි ඉටු කරමින් සිටියි.

ගුරු භවතුන්ගේ කුසලතා හදුනා ගනිමින් පාසලේ ප්‍රතිඵල මට්ටම් ඉහළ නැංවීම
පාසලේ සංවිධාන ව්‍යුහය




D –Deadline - By when do we want to be there ? 


The President’s College is aiming to produce the highest number of students admitted to the country’s university system in a single year. 

ජාතික මට්ටමේ විභාග ප්‍රතිඵල 2015-2020 දක්වා ශිෂ්‍යත්ව ප්‍රතිඵල


අ.පො.ස (සා.පෙළ) විභාගය සාරාංශය


2015-2019 ප්‍රතිඵල විශ්ලේෂණය




පාසලේ කාර්යයන් මේ අන්දමින් සිදුවේද මෙම දත්ත ඇසුරුකොට බැලීමේදී නොයෙකුත් පසුබෑම්ද යොදවන ශක්තීන්ගේ ප්‍රමාණයට, ප්‍රතිඵල ලඟා කර ගැනීමට අසීරු තත්ත්වයන් උදාවී ඇති බව පෙනේ.

2015 සිට 2020 දක්වා ශිෂ්‍යත්ව ප්‍රතිඵල දක්වා ඇති අතර, 100 වැඩි ලකුණු 2020 වන විට වැඩි ප්‍රතිශතයක් ලබා නොතිබූ අතර, ලකුණු 70 ට වඩා වැඩි ලකුණු වැඩි ප්‍රතිශයක් ලබා තිබීමෙන් පාසලේ 5 වසරේ දරුවන් ශිෂ්‍යත්වය ඉල්ක්ක කොට ඉගෙනීම සිදු කළ ද සමාර්ථයක් ලබා ගන්නා මට්ටමට ළඟා වී නොමැති බව පෙනේ.

2015 සිට 2019 දක්වා අ.පො.ස සා.පෙළ ප්‍රතිඵල සලකා බැලූ විට අසමත් සංඛ්‍යාව ක්‍රමක් ක්‍රමයෙන් අඩුවීගෙන යන බවක් පෙනේ. තවදුරටත් සිසුන් අසමත්වීම අඩුකරලීමට නොයෙකුත් ක්‍රියා මාර්ගයන් ගනු ලබමින් පවතී.

අ.පො.ස උ.පෙළ විභාල ප්‍රතිඵල සාරාංශය



විද්‍යා අංශයෙන් උසස් පෙළ ශ්‍රේණි සදහා ඇතුල් වූ ශිෂ්‍ය සංඛ්‍යාව ප්‍රමාණයෙන් අඩු වුවත් විශ්වවිද්‍යාලවලට ඇතුල්වීමට 67% ක ප්‍රවණතාවයක් දක්වා ඇති බව පෙනේ.2020-2021 වර්ෂවල මෙම මට්ටම ඉහළ යාමට තුඩු දී ඇත. වාණිජ හා කලා උසස් පෙළ ප්‍රතිඵල කලා හා වාණිජ විෂය ධාරාවන් වලද පසු ගිය වසර වල ට වඩා ඉහළ ගොස් ඇත. මේ අනුව බලන කළ අ.පො.ස උ.පෙළ වසර සදහා ගුරුවරුන්ගේ යෙදවීම් කැපවීම් සුදුසු මට්ටමේ ස්ථානගතවී ඇති බවත් සිසු දරුවන්ගේ කැපවීම ඉහළ ගොස් ඇති බව පෙන්වා දිය හැක. මෙය 100% දක්වා ඉහල ගෙන යාමට පාසල් කළමනාකාරිත්වය ගුරුවරුන්ගේ හා දෙමාපියන්ගේ කැපවීමත් ශිෂ්‍යයින්ගේ කැපවීමත් තවදුරටත් බලාපොරොත්තු වේ.

පාසලේ දැක්ම අනුව පරමාර්ථ මුදුන් පමුණුවා ගැනීම සදහා මෙම පාසලේ පසුගිය වසරවල තිබූ දුර්වලතාවයන් හදුනා ගනිමින් ශිෂ්‍ය සංවර්ධනය විවිධ පැති ඔස්සේ සිදු කරමින් පවතී. පාසලේ අනාගතය සම්බන්ධ තීරණ ගැනීමේ දී දිගු කාලීන හා කෙටි කාලීන වශයෙන් ද ප්‍රතිපත්තිමය වශයෙන් ද ව්‍යාපෘති වශයෙන් ද සැලසුම්කරගෙන ඇත.
  1. පාසලේ අනාගත දැක්ම ශාක්ෂාත් කර ගැනීමේ දී පාසලේ භෞතික සම්පත් සංවර්ධනය ද
  2. ගුරුවරුන් පාසලේ අනාගත දැක්ම සාක්ෂාත් කර ගැනීමේ දී පාසලේ අධ්‍යාපන සංවර්ධනය ද
  3. ගුරුවරුන්ගේ කුසලතා හදුනා ගනිමින් පාසලේ ප්‍රතිඵල ඉහළ නැංවීම සදහා ද සැලසුම් සකස් කර ඇත.
පාසලේ අනාගත දැක්ම සාක්ෂාත් කර ගැනීමේ දී පාසලේ භෞතික සම්පත් සංවර්ධනය මෙම පාසල ටොරින්ටන් වල සිට පිට කෝට්ටේ අද ඇති ස්ථානයේ අක්කර 08 භූමි ප්‍රමාණයක පාසල ප්‍රතිස්තාපනය කරන විට පාසල් පිට්ටනිය සම්පූර්ණයෙන්ම මඩ ගොහොරුවක් ලෙස පැවතිණි.

පාසලේ ගොඩනැගිලි තුනකින් ආරම්භ වූ පාසලක් ලෙස අද දක්වා ක්‍රම ක්‍රමයෙන් පාසල නියමකරණය කළ විදුහල්පතිවරුන් අද තිබෙන තත්ත්වය දක්වා ගෙන ඒමට මහඟු මෙහෙවරක් සිදු කර ඇති බව කිව යුතුමය. මඩගොහොරුවක්ව තිබූ අක්කර දෙකක පිට්ටනිය අද ක්‍රිකට් මන්තීරුවක් සහිති නිල්වන් තණකොළවලින් හෙබි නඩත්තුවන පිට්ටනියකි. එහි බොහොමයක් ක්‍රීඩාවන් සදහා පහසුකම් ඇත. ක්‍රිකට් , හොකී ,පැසි පන්දු පාපන්දු ,අත් පන්දු හා රාජගිරිය ප්‍රදේශයටම අඩුවක්ව පැවති පිහිණුම් තටාකයක් ද සහිත පාසලකි. ක්‍රිඩාවන්ගෙන් ද විවිධ ජයග්‍රහණයන් සිසුන් අත්පත්කර ගනිමින් සිටියි. තව ද ගොඩ නැගිලි තුනකින් සමන්විතව තිබූ පාසල භෞතිකමය වශයෙන් ඉදි වූ තෙමහල් ගොඩනැගිලි 3 ක් සහ අංග සම්පූර්ණ ප්‍රධාන ශාලාවකි. පාසලේ පමණක් නොව අසල්වාසී පාසල්වලද කලා කුසලතාවන් මෙම රඟහලේ වේදිකාව සැමට විවෘතව පවතී.

පාසලේ ප්‍රධානම මානව සම්පත වෙනුවෙන් සිදු කරන පාසල් අධ්‍යාපන සංවර්ධනයේ දී 1-13 වසර දක්වා සිසු දරුවන්ගේ අධ්‍යාපන කුසලතා එළි දැක්වීම පිණිස පාසලේ ගුරු මණ්ඩලය කැපවී සිටියි. මේ වන විට 1 වසරේ සිට 5 වසර දක්වා පැමිණෙන සිසුන්ගේ අක්ෂර කුසලතාවයන් 6 ශ්‍රේණියට යන විට සම්පූර්ණ වී තිබේ. අකුරු බැරි සිසුන් නොමැත. නමුත් ශිෂ්‍යත්ව ප්‍රතිඵල 100% ක් නොමැති වුවත් ඉදිරි අධ්‍යාපන කටයුතු කිසිදු බාධාවකින් තොරව සිදුකරගෙන යාමේ හැකියාව ඔවුන්ට ඇත. අ.පො.(සා.පෙ) ප්‍රතිඵල ළඟා කර ගැනීමේ දී එහි යම් බාධාවක් උදාවී ඇත්තේ නාවල ප්‍රාථමික ජනාධිපතියෙන් ශිෂ්‍යත්වය සමත් නොවී පාසලට එන සියලුම සිසු දරුවන් මෙම පාසලට අනිවාර්යෙන් ඇතුල්කර ගත යුතු වීමයි. මෙම දරුවන්ගේ අක්ෂර කුසලතා පසුගාමී වේ. මේ නිසා 6-11 දක්වා ගුරු භවතුන්ට මෙම දරුවන් නගා සිටුවීමට, විනය පවත්වා ගැනීමට වෙනමම ක්‍රියා මාර්ගයන් නැවත මුල සිට හදුන්වාදීමට සිදු වී තිබේ. එම පාසලේ ශිෂ්‍යත්ව තරඟයේ දී අතහැරෙන දරුවන් නැවත ප්‍රතිපෝෂණයක් ලබාදීමට මෙම පාසලේ විදුහල්පති ඇතුඵ ගුරු භවතුන්ට සිදු වී ඇත.

තවද අධ්‍යාපන සංවර්ධනය දීමේදී සමාජ පරිසරමය බලපෑම නිසා  හොද අධ්‍යාපනයක් ලබාදීමට සහ දරුවන් නීතිගරුක සදාචාර සම්පන්න පුරවැසියන් බවට පත් කිරීමට අප විදුහලේ ගුරුවරුන් , විදුහල්පතිතුමාගේ මග පෙන්වීම මත  නිරන්තරයෙන් කටයුතු කරනු ලබයි.
 
A – Action Steps -How will we get there? 

Implementing continues training programmes for academic staff , training staff of extracurricular activities and administrative family .

ගුරු භවතුන්ගේ කුසලතා හදුනා ගනිමින් පාසලේ ප්‍රතිඵල ඉහල නැංවීම මෙම පාසල ඉතා හොදින් ප්‍රතිඵල ඉහළ නැංවිය හැකි වුවද යම් යම් අවස්ථාවල ගුරුවරුන්ගේ කල්ලිමතවාදවලට ඉඩ දෙමින් දක්ෂ ගුරුවරුන් පහළ පංති ඉගැන්වීම්වීටත් හිතවත්කම් මත ඉහළ පන්තිවල ඉගැන්වීම් කරන ගුරු භවතුන්ට පන්ති භාර දීම වැනි ක්‍රියාවලදී අත්දැකීම් බහුල ගුරුවරුන් මඟ හැරී යයි. මෙහිදී ප්‍රතිඵලය අවම තත්ත්වයකට පත් වේ. පාසල් ප්‍රතිඵල සංවර්ධන වැඩපිළියෙලට ඉඩකඩ ලබා ගැනීම පිණිදස පාසලේ විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරයි. අරුණෝදය වැඩ සටහන ඉතා සාර්ථකව සිදු වූ වැඩසටහනකි. කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ එම වැඩසටහන මදකට නැවති ගිය අතර ඒ වෙනුවට මාර්ගත පන්ති පවත්වමින් සිසු අධ්‍යාපනය ක්‍රියාත්මක කිරීම. මාර්ගත පන්ති මගින් ද සිසු අධ්‍යාපනික ප්‍රතිඵල ප්‍රගතියක් අත්පත් කර ගැනීමට අපහසු විය. ප්‍රතිඵල සංවර්ධනයෙහිලා ගුරුවරුන්ගේ දෙමාපියන්ගේ කැප කිරීම පමණක් නොව සම්පත් පුද්ගල දායකත්වය ද ලැබුණි.


Comments